රාජපක්ෂලා එක්ක මගේ ලොකු තරහක් තියෙනවා.චන්ද්‍රිකා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාරගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මහා සම්මේලනයට එක්වෙමින් බණ්ඩාරනායක මහත්මිය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය ප්‍රකාශ කළේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් සහිත එකක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය
පක්ෂයේ සභාපතිතුමන් පැත්තකට වී සිටීම කණගාටුදායක බව පැවසුවාය.රාජපක්ෂලා සමඟ තමාගේ ලොකු තරහක් තිබෙන බවද එතුමිය අදහස් දක්වමින් කියා සිටියාය