රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නෑ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(05) දිනයේ හඳුනා ගත් රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වී තිබේ.

ඔවුන් කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබු නමුත් ඔවුන් තිදෙනා
උණ රෝග ආසාදිතයින් ලෙස අද වන විට සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

අද දිනයේ වැලිසර හමුදා නාවික කඳවුරේ සෙබළුන් තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බව කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.