රවී ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයට නියෝග කර තිබේ.

ඒ 2016 වසරේ මාර්තු 29 සහ මාර්තු 31 සිදු වූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසීවලට අදාළව රුපියල් බිලියන 51.98 ක මුදලක් සාවද්‍ය පරිහරණයට කුමන්ත්‍රණය කිරීමයි.

සාපරාධී අයථා පරිහරණය, ​​වංචා සහ අයථා ලෙස වෙළඳපල හැසිරවීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු ලබා ගැනීමට නියෝග කර ඇත.