රනිල් එළෙව්වොත් පක්ෂය ඉවරයි.වජිර කියයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් ඉවත් වුවොත් පක්ෂය තවත් බිඳ වැටෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ගාල්ල  නෙළුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීමට අවසන් තීරණයක් ගත් බවයි.

පසුදින තමාට මේ බව කී බවත් එහිදී නායකවරයා ගන්නා ඕනෑම තීරණයකට තමා එකඟ බව පැවසූ බවත් කියා සිටි මන්ත්‍රීවරයා, මේ වන විට ප්‍රශ්නයක් ඇති බවත් එයට විසඳුමක් අවශ්‍ය බවත් පැවසීය.

සියලු දෙනා පක්ෂයට අවශ්‍ය බව කියා සිටි ඒ මහතා, කිසිවෙකු පක්ෂයෙන් එළවා දැමිය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා නොමැති වුවහොත් මීටත් වඩා පක්ෂය බිඳ වැටෙන බවත් කියා සිටියේය