රටේ ස්වර්ණමය යුගය අරඹනවා.සජිත් කියයි.

රට තුළ සීග්‍රඝාමි සංවර්ධනයක් ඇති කරන බව නව ප්‍රජාතන්තවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලබන 16 වන දිනෙන් පසු රට තුළ සංවර්ධනයේ ස්වර්ණමය යුගය බිහි කරන බවයි.

ඊයේ (13) රාත්‍රියේ මරදාන ප්‍රදේශයේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අවසන් ජන රැලිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළේය.