රටපුරා කර්මාන්ත ශාලා හදනවා.සජිත් කියයි.

රට පුරා කර්මාන්තපුර ආරම්භකර, තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අකුරැස්ස නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ අකුරැස්සේදී පැවැත්වුණි.

අනතුරුව බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අද මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු හිමිපානන් මුණගැසුණි.

එම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද එක්ව සිටියේය.