යල කන්නයේ ප්‍රධාන බෝග වර්ග 14කට ස්ථාවර මිලක්.

දේශීය කෘෂිකර්මය නඟා සිටුවමින් ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරි යලකන්නයේ ප්‍රධාන බෝග වර්ග 14ක් සඳහා සහතික මිලක් නියම කර තිබේ.

අද(23) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඒ අනුව, මෙම මිල ගණන්වලට වෙළඳපොළේ බෝග මිලදී ගැනීම සිදු නොවුණහොත් රජය මැදිහත් වී අදාළ මිලට ගොවීන්ගෙන් එම බෝගයන් මිල දී ගැනීමට කැබින්ට මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බෝග වර්ග 14ක් සඳහා සහතික මිල කිලෝග්‍රෑම් එකකට පගත පරිදි වේ.

බඩඉරිඟු 50.00/අර්තාපල්  100.00/
ලොකු ලූනු 100.00/රතු ලූනු 110.00/උඳු 220.00/
මුං ඇට 200.00/රටකජු 220.00/වියළි මිරිස්650.00/සෝයා බෝංචි  125.00/කුරක්කන්  175.00/කවුපි 220.00/තල200.00/කොල්ලු250.00/කහ 80.00/ඉරිඟු 125.00/
සුදු ලූනු 350.00