මේ වසරේ ඩෙංගු රෝගීන් 90000.ක්

2019 වසරේ පුද්ගලයන් අනූ දහසකට ඩෙංගු රෝගය වැළද තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප‍්‍රකාශකරයි.

ඉන් සිය දෙනෙකු පමණ මියගොස් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.පසුගිය නොවැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක් ද පෙන්නුම් කර ඇති අතර වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වලිනි .
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පරිසරය පිරිසුදුව තබා ගන්නා ලෙස ඒ මහතා කියා සිටී.