මේ මොහොතේ වැඩවර්ජන එපා.විපක්ෂ නායක කියයි.

කොවිඩ් 19 අනතුරෙන් රට ව්‍යසනයට  පත් වී තිබෙන මොහොතක වැඩවර්ජනවල නොයෙදී සිය ඉල්ලීම් සාකච්ඡා මාර්ගයෙන් දිනාගැනීමට කටයුතු කරනලෙස  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. පසුගිය කාලයේ එවකට සිටි විපක්ෂය අවස්ථාවාදී ලෙස හැසුරුණද  වගකිවයුතු විපක්ෂයක් ලෙස මේ මොහොතේ එලෙස අවස්ථාවාදී දේශපාලනයේ නොයෙදෙන බවත් එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා වැඩවර්ජනයක් ඇති වීමට පෙර ඔවුන්ගේ ඉල්ලීම ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරිය කටයුතු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

කොවිඩ් 19 නමැති වෙනුවෙන් ඉදිරි පෙළ වලල්ලේ සටන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් හා දීමනා ලබාදීම  රජයේ වගකීම බව පැවැසූ ප්‍රේමදාස මහතා ඒ පිළිබඳ නෙසැලකීමෙන් රට අනතුරට පත්නොකරන්නැයි රජයෙන් ඉල්ලීමක්ද කළේය.