මේ ආණ්ඩුවට ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකියි .රනිල් කියයි.

රටේ පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකි නිසා රටේ සම්පත් උගස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස්කර ඩොලර් බිලියනයක් ලබාගැනීමට ආණ්ඩුව සුදානම්වන බව ද රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

එම්සීසී ගිවිසුම අත්සන් කිරීමටද මේ වන විට ආණ්ඩුව එකඟ වී ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.