මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1789ක් දක්වා ඉහළට

අද(04) සවස 3.30 වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 40 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1789 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇත.
අද හඳුනාගත් 36 දෙනකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉන් 32 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින්ය.

තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇති අතර අනෙක් නාවික හමුදා සාමාජිකයාද නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකි.

එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණ කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි තිදෙනෙකු සහ බංග්ලාදේශයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක් ද මෙම ආසාදිතයින් අතරට අයත්ය.