මෙරට කොරෝනා අසාධිතයන් ගණන 1045 ක් දක්වා ඉහළ යයි.

අද(21) සවස 6.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1045ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගීන් 15 දෙනාම ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඩුබායිවල සිටි පැමිණි පිරිසකි.

කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 604 කි.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 432 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.