මුළු ආසාදිතයින් ගණන 117යි.

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 117ක් දක්වා ඉහළ ගොස්  බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාද  සමඟ ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටිති.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 105 කි.

ඊයේ වන විට සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 199 දෙනකු රෝහල්ගතව සිටි නමුත් ඉන් අසූ දෙදෙනකු අද දින පිටව ගියේය.