මහ මැතිවරණයෙන් පසු පළාත් සභා පැරණි ක්‍රමයට.අගමැති මහින්ද රාජපක්ෂ කියයි.

මහ මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.පවතින ව්‍යවස්ථාව තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි වී ඇති බව පවසන අගමැතිවරයා එම නිසා දැනට පවතින ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව ද අරණායක ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට සහභාගි වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන නව වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් තවමත් පළාත් සභා මැතිවරණය පවත්වා නැති බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි වී ඇති බවත් හෙතෙම කීවේය.