මම නැවත එන්නේ ජනතාව වෙනුවෙන්.හිටපු ජනාධිපති කියයි.

තමන් නැවත වරක් මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ  ජනතා ගැටලු විසදීම සඳහා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, අවුරුදු 26ක කාලයක් පාර්ලිමේන්තුව තුළ සිටිමින්, අවුරුදු 5ක් ජනාධිපතිධූරයේ කටයුතු කරමින් ඉදිරි කාලය තුළ නිදහසේ ජීවත් වීමට තමා තීරණය කළ බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ පක්ෂයේ ආසන සංවිධායකවරු පොළොන්නරුව ඉදිරියට ගෙනයාම සඳහා යළි පාර්ලිමේන්තු එන ලෙස තමාට ආරාධනා කළ බවයි.