මම ඉන්නේ කෙඳි වලාකුළු හෝ කැටි වලාකුළු වල නෙවේ.සජිත් කියයි.

රට පුරා සිදුකරන ඩිජිටල් විප්ලවය තුළ කුලියාපිටිය ප්‍රදේශයට කර්මාන්තපුර, නව තාක්ෂණ විද්‍යාල සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන 30 බැගින් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.එම ගම්මාන 30හිම නම් කියමින් ඒ මහතා ප්‍රකාශ කළේ තමන් පොළොව පය ගසා සිටින අයකු බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමිනි.

එක්ව ඉදිරියට යන්න තේමා කරගනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් කුලියාපිටිය නගරයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ

තමන් කැටි වළාකුළුවල හෝ කෙඳි වළාකුළුවල සිටින අයකු නොවන බවයි.

තමා ඔරිජිනල්ම ශ්‍රී ලංකන් බව පැවසූ ඒ මහතා
පුරවැසිභාවය තමාට අදාල නොවන බවත් 16 වෙනිදාට වාර්තාගත ජයග්‍රහණයක් අපි මුළු රටින්ම ගන්නා බවත් පැවසුවේය.
පුරවැසිභාවය ගැන කතා කරමින් මේ රේස් එකෙන් කවුරුත් පිටට යන්න ඕනේ නැති බවද ඔහු කීවේය.