මත් උවදුරින් මේ රට ගලවාගත හැක්කේ ගෝඨාභයට පමණයි.පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියයි.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ මොරටුවේදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ එම ජන රැළිය අමතමිනි.