බොරු චෝදනාවලට ජනතා ප්‍රතිචාර ලැබේවි.ගෝඨාභය කියයි.

ඉදිරි දින කිහිපය තුළ ද තමන්ට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් කිරිමට ඇතැම් පුද්ගලයින් සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය පස් වසර තුළ තමන්ට එල්ල වූසියලු චෝදනා පදනම් විරහිත බවට මේ වන විට තහවුරු වී ඇති බවයි.

ඊයේ (13) රාත්‍රී හෝමාගම ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැලිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ පාර්ශවයන් විසින් බොහෝ කලක සිට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කළහ.ඒ අතර ප්‍රධානතම චෝදනාව වූයේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුවයි.එය සමථයකට පත්වූ වහාම ප්‍රතිවාදීන් සුදු වෑන් පිළිබඳ චෝදනා ගෝඨාභය මහතා වෙත එල්ල කළේය.
මෙම චෝදනා සියල්ල පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා ජනතාව ඉතා හොඳ තීරණයක් ලබා දෙනුඇති බව ඒ මහතා පවසයි.