බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කටයුතු ඇරැඹෙයි

ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යොත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)  පැවැත්වුණි.

අද පෙරවරුවේ යෙදුණු සුබ මෙහොතින් එම කටයුතු ආරම්භ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මෙම අවස්ථාවට බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි මෙන්ම මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහ සංඝරත්නය සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

බෙල්ලන්විල බෝධීන් වහන්සේ ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධී අංකුරයකින් රෝපිත බව සඳහන්ය.