බුද්ධිමත් ජනතාව මඩ ප්‍රචාරවලට රැවටෙන්නේ නැහැ.ගෝඨාභය කියයි.

තමන්ගේ විරුද්ධ පාර්ශ්වය එල්ල කරන මඩ අවලාදවලට ජනතාව නොරැවටෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ විරුද්ධ පක්ෂය පරාජය පිළිගැනීම හේතුවෙන් මෙලෙස තමන්ට එරෙහිව මඩ අවලාද ප්‍රචාරය කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, මැතිවරණය අත ළඟ තිබිය දී විරුද්ධ පක්ෂය විසින් විශාල බොරු ප්‍රචාරයක් සිදු කරන බවයි.

තමා සෑම රැළියක දීම කථා කරනු ලැබුවේ, තමාගේ ප්‍රතිපත්ති ගැන පමණක් බව පැවසු ඒ මහතා, තමා මඩ ගහන සංස්කෘතිය වෙනස් කිරීමට උත්සහ දැරූ බවද පැවසීය.

නමුත් අවාසනාවකට විරුද්ධ පක්ෂය කවදාවත් නොකියු බොරු ප්‍රචාර සිදු කරමින් සිටින බවත් පැවසු ගෝඨාභය මහතා, අද සිටින ඡන්දදායකයා ඉතාමත් බුද්ධිමත් බව ද කියා සිටියේය.

ඔවුන් බොරුවලට රැවටෙන්නේ නැති බව තමා දන්නා කරුණක් බවත් කියා සිටි රාජපක්ෂ මහතා, අද වන විට පරාජය පිළිගත් විරුද්ධ පක්ෂය තමාට පුරවැසිභාවය ගැන බොරු ප්‍රචාර ගෙනියන බවත් පැවසීය.

ජනතාවට බුද්ධිමත්ව ක්‍රියාකරන ලෙසත් පැවසු ගෝඨාභය මහතා, කාන්තාවන් විශාල සංඛ්‍යාවක් අද දිනයේ ද රැළිය තුළ දක්නට ලැබෙන බවත්, තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඔවුන් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර ඇති බවත් සඳහන් කළේය.

කාන්තාවන් සියලු දෙනා අද ඉල්ලා සිටින්නේ “අපේ රට බේරා දෙන්න“ යැයි පැවසු ඒ මහතා, ඒ අය ආරක්ෂාව වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරන අය බවද පැවසීය.

විශේෂයෙන් කාන්තා හිංසනය නැවැත්වීමට තමා කටයුතු කරන බවත්, ඔවුන්ට හිමි තැන ලබා දීමට තම රජයක් තුළ ක්‍රියා කරන බවත් ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.