බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධ නඩුවට රාජතාන්ත්‍රික මැදිහත්වීමක්.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමට බලාපොරොත්තු වන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිතව කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

කෙසේවෙතත් අදාළ සිද්ධිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වීමෙන් සොයා බැලීමක් සිදුකරන බව යුධ හමුදාපතිවරයා අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.