බස්නාහිර විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සැකකරුවන් 354ක් පොලිස් දැලේ.

ඊයේ(06) පෙරවරු 6.00 සිට අද අලුයම 5.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වල දී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදි හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 128 දෙනෙකු, ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 55 දෙනෙකු, නීති විරෝධී මත්පැන් ළඟ තබාගත් පුද්ගලයින් 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ඊට අමතරව ගෝඩා ළඟ තබාගත් පුද්ගලයින් 12 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 11 දෙනෙකු සහ මත්පෙති ඇතුළු වෙනත් මත්ද්‍රව්‍යය ළඟ තබාගත් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.