බස්නාහිරින් බැහැරවූ අයට කළ රැපිට් පරීක්ෂණවලින් 61ක් සොයාගනී

බස්නාහිර පළාතෙන් බැහැරව යාමට පැමිණි පුද්ගලයන්ට කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ මගින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 61දෙනකු සොයාගෙන ඇත. ඔවුන්ගේ සමීපතමයන් 315 දෙනකු මේවනවිට නිරෝධායනයට ලක්කර තිබේ.

මේ වන විට බස්නාහිර පළාතෙන් අනෙක් පළාත්වලට පිටත්වන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 10,000ක් 29 උදෑසන වනවිට සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය 18 දා සිට බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ පැවැත්වීම ආරම්භ කර ඇති අතර එය ජනවාරි 05දක්වා සිදුකිරීමට නියමිතය.

රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සඳහා සහාය දැක්වීම සැම දෙනකුගේම යුතුකමක් සහ වගකීමක් ලෙස ප්‍රකාශ කරන  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන්නේ සියලු දෙනාගේම යහපතට බව කියා සිටියි.