බන්ධනාගාර නිළධාරියකු හෙරොයින් සමඟ දැලේ

බොරැල්ල පොලිස් වසමේ, සිරිසර උයනේ පදිංචි 49 හැවිරිදි  බන්ධනාගාර නියාමකවරයෙකු   හෙරොයින් ග්‍රෑම් 94යි මිලිග්‍රෑම්132ක් සමඟ බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු අද (28) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් තිරීමට නියමිතය.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.