බදියුදීන්ගේ සොහොයුරා ප්‍රහාරකයන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බව හෙළි වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් නමැත්තා පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරකයන් සමඟ සෘජුසම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇත.

වගකිවයුත්තන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.