පොලොන්නරුව රෝහලේ වාට්ටුවක් හුදෙකලා කරයි.

කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ
වාට්ටුව හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව එහි පාලන අධිකාරිය කියයි.

ඒ අනුව, හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොළොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය 42කු
නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකිරීමට ද පියවර ගෙන ඇත.මෙම රෝගියා පිළිබඳ මේවනවිට පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතී.