පොලොන්නරුවේ ගම් 12ක් හුදෙකලා කරයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

එම ප්‍රදේශයෙන් අද කොරෝනා වෛරස් ආසාදිත හඳුනා ගැනීම සමඟ එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව,  දැනුම් දෙන තුරු කිසිවෙකුට මෙම ගම්මානවලට ඇතුළුවීමට හෝ පිටව යාමට අවසර නොලැබේ.