පුද්ගලයන් 1606ක් ඇඳිරිනීතිය කඩයි.

අද (14) උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1606 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ රථ වාහන 373ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පවසයි.

ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 26,637 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 6799ක් පොලිසිය භාරයට ගෙන ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය 20 වනදා සිට දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගෙන තිබුණි.

රජය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති නීතිය අකුරට පිලිපැද සහය ලබාදෙනමෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.