පිටිපන රෝගියාගේ පවුලම නිරෝධායනයට.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම සමඟ  ඔහුගේ දියණිය බෑනා සහ දරුවන් තිදෙනා අද සිට නිවස තුළදීම නිරෝධායනයට ලක්කිරීමට හෝමාගම සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන් කටයුතු කර තිබේ.

අදාළ පුද්ගලයා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටියදී ඔහු වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කර එවීම සමඟ මෙම පියවර ගෙන ඇත.

දැනට රෝහල් ගතව සිටින අදාළ පුද්ගලයා සිය පවුලේ පිරිස සමඟ දින 15කට පෙර බලංගොඩ ප්‍රදේශයේ සංචාරයක යෙදී ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයාගේ බිරිය ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේය.