පිටරට නීති ගේන්නේ නෑ.සජිත් කියයි.

වෙනත් රටවල නීති රීති ක්‍රියාත්මක කිරීමට තමන් කිසිවිටෙකත් කටයුතු නොකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් කිසිවිටකත් මාතෘ භූමිය පාවා නොදෙන බවයි.

මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කළේය.