පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළෙඳුන් සහ සේවකයින් 500 ක් පී.සී.ආර් පරීක්ෂණයට.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළෙඳුන් සහ සේවකයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම අද(22) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

මෙහිදී මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙන්ඳන්, සේවකයින් සහ ජංගම මත්ස්‍ය වෙළඳුන් පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදුකර තිබේ.

ඒ අනුව පුද්ගලයින් 500 දෙනෙකු පමණ මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්ඳල ප්‍රදේශයේ වෙළෙන්ඳෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පරීක්ෂා කිරීම් සිදුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.