පැය 18යි තුළ බීමත් රියදුරන් 905යි.

නීති උල්ලංඝනය කරන රියදුරන් සොයා පසුගිය 18 වන දින දහවල් 12 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් 6,898 දෙනෙක් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත්  සඳහන් කරයි.