පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙක් ට කොරෝනා.

මේවනවිට බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසකට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇත.

එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ලබන බ්‍රහස්පතින්දා (28) දිනයේ සිට ඉරිදා දිනය දක්වා බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක් කිරීමේ වැඩ පිළිවෙලක් ස්ථාන 11කදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

.

Close Menu