පාර්ලිමේන්තුවේ හොඳ ජනතා නියෝජිතයෙක් වෙන්න.අගමැති කියයි.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව අපේක්ෂා කරන දැවැන්ත ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25)  පාර්ලිමේන්තුවේ සියලු නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

9 වන පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදා ගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හදන්න. මොන බල සම්පන්න ඇමතිකම තිබුණත්, තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහෙතේ  වැදගත්,” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.