පාඨලී අලුත් බලවේගයක් හදන්නට යයි.

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ දී සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

මේ අතර ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස දේශපාලනයේ නිරත වු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු ද ඉන් ඉවත්ව තිබේ.