පාඨලී අධිකරණයට

රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පස්වරුවේ
නීතිපතිවරයාගේ උපදෙස් මත බත්තරමුල්ලේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රි 10.00ට පමණ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

එහිදී ඇය නියෝග කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනආවේය.

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද උදැසන රැගෙන විත් තිබේ.

ඒ අනුව අද දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.