ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි.

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක අද උදෑසන සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර, ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කෙරුණි.

ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකය.

ඉදිරියේ දි උත්සව පැවැත්වීමට අවසර දීමේදී හඳුනාගන්නා ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සැළකිලිමත් වෙමින් අවසර ලබාදීමේ ක්‍රියාවලිය සිදු කරන බව යුද හමුදාපතිවරයා පවසයි.

වෙසක් උත්සවය සම්බන්ධයෙන් ද එවැනි තීරණයක් ගැනීමට සිදුවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.