ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිතයින් ගණන 511ක් දක්වා අඩුවේ.

ගතවු පැය 24ක කාලය තුල කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගියේය.
මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 172කි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සියල්ල හඳුනාගෙන ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සදහන් කළේය.

ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිතයින් ගණන 511ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය නිවේදනය කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ තවත් පොකුරු ආසාදිතයින් ඇතිවීම වැළැක්වීම සදහා ජනතාවටද කාර්යභාරයක් ඇති බවයි.