නිවසේ ප්‍රශ්න විසඳන්න පුළුවන් එ.ජා.ප යට පමණයි-රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වනු ලබන්නේ රටෙහි මේවනවිට ඇති ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් සොයාගනිමින් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ හෝමාගම ආසනයේ බල මණ්ඩල හමුව ඊයේ (07) පස්වරුවේ එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.එම ජන හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වන අනෙකුත් පක්ෂවලට වඩා නිවසේ ආර්ථිකය ගොඩ නැගිය හැකි විසඳුම් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි.