නිල ඇඳුම් වෙනුවට වව්චර්

එළඹෙන වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාගැනීම වව්චර්පත් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීන්දු තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වව්චර් පත් ලබා දීමේ දී උසස් පෙළ සිසුන්ට අමතර ප්‍රතිපාදනයක් වෙන්වන බවයි.

උසස් පෙළ සිසුන්ට ලබා දී තිබු ප්‍රතිපාදන ප්‍රමාණය ඇඳුම ලබා ගැනීමේ දී ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ වී තිබු බවත් පැවසු අමාත්‍යවරයා, එනිසා උසස් පෙළ සිසුන්ට වැඩිපුර ප්‍රතිපාදන ලබා දීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි පැවසීය.