නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන අයට කිසිදු අයකිරීමක් නෑ.යුද හමුදාපතිවරයා කියයි.

නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.එම මධ්‍යස්ථාන වෙත යොමු කරන පුද්ගලයන්ගෙන් මුදල් අය කරගන්නා බවට සාවද්‍ය තොරතුරක් මේවනවිට සමාජයේ පැතිරෙයි.

නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.සුරක්ෂිතව ඔවුන් පිළිබඳ සියල්ල යුද හමුදාව විසින් සිදු කරන බවද ඒ මහතා කියයි.