නිරෝධායනය වන අයට තැපැල් ඡන්දය දෙන්න වෙනම දිනයක්

මහ මැතිවරණයට අදාළ ව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (16) හා හෙට (17) සිදුකෙරෙයි.

කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරිම සඳහා අගෝස්තු මස 04 වන දින අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.