නිරෝධනයන නීති කැඩූ තවත් 180ක් අත්අඩංගුවට

ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 180 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කාලය තුළ රථ වාහන  25ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවු ඔක්තොම්බර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ එය කඩකළ පුද්ගලයින් 1992ක්  සහ රථ වාහන 307ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සඳහා නිරෝධායන සහ රෝග වැළැක්වීමේ අඥා පනත යටතේ නෛතික පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.