නිදහස් පක්ෂය අනිද්දා අගමැති හමුවෙයි.

ශ්‍රි  ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂවල සන්ධානය ගොඩනැගීම පිළිබඳව ලබන අඟහරුවාද අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මිහින්තලය ආසන ක්‍රියාකාරී හමුවකදී මන්ත්‍රිවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාදීමට ක්‍රියාකාරන බවය.