නිදහස් උත්සවයට ජාතික ගීය සිංහලෙන් පමණයි.

මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.ඒ ඒ ප්‍රදේශවලදී දමිල භාෂාවෙන් ජාතික ගීය ගැයීමට හැකි බවද එතුමා දැනුම් දෙයි