නව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා  බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ .

නව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩ කටයුතු අරඹා තිබේ.වසර 30 කට අධික කාලයක් යුධ හමුදා සේවයේ කටයුතු කර ඇති ඔහු අත්දැකීම් බහුල නිළධාරියෙකි.

ඊයේ(17) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී ඒ මහතා එම ධුරයේ වැඩ භාරගත් බව යුධ හමුදාව සඳහන් කළේය.

මෙම අවස්ථාව සදහා හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා ඇතුළු මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.