නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අද දියුරුම් දෙති.

නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (27) දිවුරුම් දීමට නියමිතය.

අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතය.

එමෙන්ම නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ද අද සිදුවෙයි.

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව එම පත්විම් ප්‍රදානය සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මේ අතර වත්මන් ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට තීරණයකොට තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත.

මේ අතර නව රජයේ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා පත් කර තිබේ.