දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන පහළට.

මාසයකට පමණ කාලයකට පසුව මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන ඊයේ (21) දිනයේ පහළ අගයක් ගෙන ඇත.
ඊයේ මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 364 ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා සඳහන් කළේය.

පසුගිය මාසයක පමණ කාලය තුළම මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 500යේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.

මේ අතර ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 364 දෙනා ද සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 37,631ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 8,773 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.