දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්

දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධයස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා තිබූ ජල ගැලීම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් අති ප්‍රචණ්ඩ සුළි කුණාටුව උතුරුට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් අති ප්‍රචණ්ඩ සුළි කුණාටුව උතුරුට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව වාර්තාවෙයි.

එහි බලපැම හේතුවෙන් ඉදිරි පැය විසිහතරක කාලය තුළ දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් සියයක පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.