දිනකට සෞඛ්‍ය නීති කැඩූ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට

කොවිඩ් – 19 වයිරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් කඩකරන්නන්ට එරෙහිව පියවර ගැනීමට පොලීසිය දිවයින පුරා මෙහෙයුම් සිදුකරමින් ඇත. මෙම මෙහෙයුම් සෑම දිනකම දිවයින පුරා ක්‍රියාත්මක වේ.

එම මෙහෙයුමේදී මුහුණු ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 177 දෙනෙකු ඊයේ (25) දිනයේ පමණක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම පිරිසෙන් 134 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම පිරිසට කොළඹ නගරයේ 34ක් ගම්පහ ප්‍රදේශයේ 45 දෙනෙක් අයත් බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කළුතර ප්‍රදේශයෙන් අත්අඩංගුවට පත් පිරිස   50 දෙනෙකි.

2020 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනක දී නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව තිබුණේ ඊයේ දිනයේ බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 3,647කි.